uvtsuorg

2020-07-08 වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ගත් කැබිනට් අනුමැතිය


2020-07-08 වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයේ සය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ගත් කැබිනට් අනුමැතියත් මීට පෙර එනම් 2017-01-03 ගත් කැබිනට් අනුමැතිය වැනි සිසුන් මුලා කිරීමේ වැඩසටහනක් දැයි ශිෂ්ය සංගමය අවධානයෙන්.!
2009 වර්ෂයේ ආරම්භ කිරීමට ලැබුවා වූ ශ්රි ලංකාවෙ ඇති එකම තාක්ෂණික රාජ්ය විශ්වවිද්යාලය වන්නේ 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලය පනත යටතේ පිහිටවනු ලැබූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයී.
අප විශ්වවිද්යාලයට වාර්ශිකව ඇතුලත් කර ගන්නා වූ සිසුන් ප්රමාණය කෙමෙන් කෙමෙන් වරධනය වූ අතර ශිෂ්ය ධාරිතාවය මෙසේ ඉහල යන විට සීමා වූ විශ්වවිද්යාලීය භූමියේ ඉඩ පහසුකම් පිලිබඳ ගැටලු මතු විය ඒ අතර අධ්යන ශාලා, අධ්යන කලාප, ආපනශාලා, නේවාසිකාගාර හා අනෙකුත් යටිතල පහසුකම් පිලිබඳ ගැටලු ප්රධාන විය.
විශ්වවිද්යාලීය භූමිය තුල වෙනත් අනවශ්ය විවිධ ඉදිකීරීම සිදු වූ අතර සිසුන්ගේ මෙම ගැටලු පිලිබඳ වග කිවයුතු බලදාරීන්ගේ ක්රියා පිලිවෙත පිලිබඳ සමස්ථ ශිෂ්ය ප්රජාවම කනගාටුව පල කරන්නෙමු. බලදාරීන්ගේ ක්රියාකලාපයන් එසේ වුවද ශිෂ්යයින් තම නොයෙක් අපහසුතා මධ්යයේ තම අධ්යන කටයුතු පවත්වාගෙන ගියේය.
ඉහත ගැටලු අතරින් ප්රධානතම ගැටලුවක් වූ නේවාසිකාගාර පිලිබඳ ගැටලුව සදහා 2015 වර්ෂයේ සිට ශිෂ්ය සංගමයෙ හා ශිෂ්යයන්ගේ විවිධ වූ මැදිහත් වීම් මත හා බලපෑම් මධ්යයේ 2017 වර්ෂයේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයේ නේවාසිකාගාර සදහා කැබිනට් අනුමැතිය හිමි වූයේය.නමුත් විවිධාකාර වූ නිදහසට කරුනු ඉදිරිපත් කරමින් වර්ෂ තුනක් යනතුරු එනම් අද දක්වාම විශ්වවිද්යාලීය නේවාසිකාගාර ගැටලු සදහා කැබිනට් අනුමැතියෙන් ඔබ්බට වූ කිසිදු සාධනීය පියවරක් කිසිදු වගකිවයුතු නිලදරයකු විසින් ගනු නොලැබීම සම්බන්ධයෙන් එදා සිටි සමස්ථ ශිෂ්ය ප්රජාවද වර්ථමානයේ විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන සමස්ථ ශිෂ්ය ප්රජාවද එවක පැවති ශ්රී ලංකා රජය වෙත අප්රසාදය පල කරන්නෙමු.
කරුණු කාරනා එසේ තිබියදී මහමැතිවරණයක් සදහා දින නියම වී ඇති මෙවැනි අවස්ථාවක 2020/07/08 දිනයේදී නැවත වරක් විශ්වවිද්යාල නේවාසිකාගාරයක්, වැඩහලක් හා ආපනශාලවක් සදහා මහල් සයකින් යුත් නව ගොඩනැගිල්ලක් සදහා ජනතාවගෙ බදු මුදලින් රු. මිලියන 927.34 ක ඇස්තමේන්තුවකට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
2017 දී එවකට රජය ගත් කැබිනට් තීන්දුව මෙන් මෙවරද ජනතාව හා සමස්ථ ශිෂ්ය ප්රජාවම මුලා කරන කැබිනට් තීන්දුවක්දැයි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාල ශිෂ්ය සංගමය සමස්ථ ශිෂ්ය ප්රජාවම වෙනුවෙන් අවධනයෙන් බල සිටින බව මෙම සටහනේ සදහන් කීරීමට කැමැත්තෙමු.

Related

Slider 7153535465733402373

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item