ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාග කල්යයි
ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාග ආරම්භ කිරීම මෙම මස 18 වැනිදා දක්වා කල් ගොස් තිබෙනවා. විභාග කාලසීමාවේ දී අවසන් ...
https://www.uvtsu.org/2020/08/blog-post.html
ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාග ආරම්භ කිරීම මෙම මස 18 වැනිදා දක්වා කල් ගොස් තිබෙනවා.
විභාග කාලසීමාවේ දී අවසන් වසර සිසුන් තිදෙනකුට එක් කාමරයක් වන සේ නේවාසික පහසුකම් ලබා දීමට ද එම විශ්වවිද්‍යාලය සැලසුම් කර තිබෙනවා.
මාසයක පමණ කාලයක් අවසන් වසර විභාග පැවැත්වෙන අතර සෙසු වසරවල සිසුන් කැඳවීම සම්බන්ධයෙන් තීරණය කෙරෙන්නේ ඉන්පසුව බවයි වාර්තා වන්නේ.
විභාග ආරම්භ කිරීම කල් දැමීමට සිදු වූයේ කොවිඩ් වයිරස් තත්ත්වය මත බවත්, විභාග අවසන් වීමෙන් පසු සෙසු සිසුන් කැඳවීමට තීරණය කෙරෙන්නේ ඉදිරියේ දී ඇති වන තත්ත්වයන් මත බව සඳහන්.