uvtsuorg

ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධීය රසම් පේයාව


රෝග සුව කරගැනීමට වඩා  වළක්වා ගැනිම පහසුය .

මේ දින වල ශ්‍රී ලංකාවේ අපට බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ රෝග වැළඳීම  වළක්වා ගැනීම සදහා තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය  වැඩි දියුණු කර ගැනීමට කටයුතු කිරීමයි .

ඒ සඳහා මේ කාලය තුල වෛරස වසංගත රෝග පිඩා ආදියෙන් ආරක්ෂා වීමට , බොහෝ දෙනෙකු දේශීය ඖෂධීය නිෂ්පාදන සදහා වැඩි අවධානයක් යොමු කර ඇත. හඳුන්වා දෙනු ලබන Rasum Peya Prevent Plus නිෂ්පාදනය දේශීය ඖෂධීය ආහරමය අමුද්‍රව්‍යය වලින් සමන්විත වන අතර මෙමගින් ප්‍රධාන වශයෙන් , ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනිමට වැදගත් වේ .

මෙම Rasam peya Prevent Plus නිෂ්පාදනය තුල කොත්තමල්ලි , ඉඟුරු , සුදුළුණු , කහ , සූදුරු, මා දුරු , උළුහාල් , ගොරකා , කරාබු නැටි , එනසාල් , ගම්මිරිස් , කරපිංචා , කුරුඳු පොතු , මුරුංගා පොතු ආදී අමුද්‍රව්‍යන් වියලා අනුපාතිකව මිශ්‍රකර ඇසුරුම් කර ඇත.
මෙම නිෂ්පාදනය තුලින් ඔබට ,

  •  ප්‍රතිශක්තිකරණය වැඩි කරයි .
  •  කොලොස්ටරෝල්, දියවැඩියාව ,ස්ථුලබාවය ඇති අයට ඉතාමත් සුදුසුය .
  •  ආහාර අරුචිය නැති කරයි .
  •  අහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි .
  •  ත්‍රිදෝෂ වලට සුදුසුය .

මෙම rasum peya prevent plus මිශ්‍රණය ජලය අඬු කෝප්ප 4 කට තේ හැදී 02 ක් දමන්න
නටන ජලයේ මිනිත්තු 03 ක් පමණ හොඳින් තම්බා ලිපෙන් බාගන්න
රස පදමට අනුව දෙහි හා ලුණු එක්කර ගන්න
මද උණුසුම් පානයක් ලෙස උදේ හවස භාවිතා කිරීමෙන් වඩාත් හොඳප්‍රතිඵල ලබාගත හැකිය .
මෙම Rasam Peya Prevent Plus නිශ්පාදනය තුල කිසිම කෘතීම ආහාර කල් තබා ගැනීමේ දව්‍යයන්, රසකාරක හා වර්ණකාරක අඩංගු නොවේ .

අද පවතින වෙළඳ පොළ තුල පාරිබෝගිකයන් හට දේශීය ඖෂධ ගුණ ඇති නිෂ්පාදන තෝරා ගැනිමට ඇති අවස්තාවන් විරලය .

සාමානයෙන් නිවසක් තුල සකසනු ලබන රසම් හා පේයාවන් එකතු කොට ක්ෂණික පානයක් ලෙස පිළියෙළ කර ගැනිමටත් සමහර අමුද්‍රවයන් සොයා ගැනිමේ අපහසුව නිසාත් , සියල්ලම එකතු කොට මෙම මිශ්‍රනය සකසනු ලබයි .

මෙම rasam prevent plus , ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමානයට , අරපරිස්සමෙන් මෙන් හා ගුණාත්මයෙන් යුතුව භාවිතයෙන් තමන්ගේ නිරෝගී භාවය ලගා කර ගත හැක .

Related

Slider 7802501850726293197

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item