2018 වසරට දස වසරක් සැපිරූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
"පරිත්ත" එසේත් නොමැතිනම් "පිරිත"යනු තෙරුවන් කෙරෙහි සත්‍යක් ක්‍රියා කිරීමයි මෙහිදී පළමුව පිරිත් මණ්ඩපය සකසා ඒ තුලට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වැඩම කල යුතුය. සත්‍යගුණ සමුදායක් භක්තියෙන් , අධිශ්ඨානපූර්වකව සිහිපත් කිරීමෙන් ලබා ගන්නා වූ ඉමහත් ආශිර්වාදය ලබා ගැනීමට විශ්වවිද්‍යාලීය ප්‍රජාවට මෙමගින් අවස්තාව උදාවිය.
පිරිත් මණ්ඩපය ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් නිර්මාණාත්මකව සකසා තිබීම විද්‍යාර්යින්ගේ හැකියාව මනාව කියාපාන්නකි.දස වසරක අභිමානය වෙනුවෙන් යෙදී තිබූ මහා සාංගික දානමය පුණ්‍ය කර්මය උත්කර්ශවත් ලෙස 2018. නොවැම්බර් 21 වන දින ඉතා සාර්ථක ලෙස සිදු විය
දනට වඩිනා සියයක් පමන වූ මහා සංඝරත්නය ප්‍රමුඛ කරඩු වහන්සේ දාන ශාලාවට සංසුන් ගමනින් වැඩම වූයේ අති විශාල සාදුකාර මද්‍යයෙනි. එය දකින්නවුන්ගේ සිත් පුණ්‍ය සිතුවලින් නැහැවී ගිය චමත්කාර අවස්තාවක් වූ බව ඔවුන්ගේ මුහුනේ වූ ඉරියව් මොනවට කියාපාන්නක් විය... දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව දහම් බිදක් ශ්‍රවනයට අවස්තාව උදාවිය .
මෙලෙස ඉතා අගනා දිනයන් දෙකක සාක්ශිකාරයන් වීමටත් දස වසරක අභිමානය සමගින් සරසවිය මෑනියන් තුල රැදෙන්නටත් අපට අවස්තාවක් හිමි විය...
සටහන✍️-තිළින සුදර්ෂන