uvtsuorg

අමතක නොවේනම් මිනිස්ගති ,මිනිසුන් අතර දෙවියන් හිඟ නොවනු ඇතී..

"සියල්ලටම ප්‍රථම මිනිසත්කම",පහුගිය දවස් ටිකේම මට වගේම ඔබටත් ඇසෙන්නට ඇති මේ වාක්‍යය.ඒත් සමහරුන්ට ඔය කියනා මිනිසත් කම මතක් වන්නේ ර...

"සියල්ලටම ප්‍රථම මිනිසත්කම",පහුගිය දවස් ටිකේම මට වගේම ඔබටත් ඇසෙන්නට ඇති මේ වාක්‍යය.ඒත් සමහරුන්ට ඔය කියනා මිනිසත් කම මතක් වන්නේ රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන වෙලාවට විතරමයි.අපේ ලඟින් ඉන්න ආදරණීයන්ට පමණක් නොව,අපිට හිතවත් හෝ අපි නොදන්නා අයටත් ආදරණීය වෙන එක තමයි මනුස්සකම.මානවයා විද්‍යාත්මකවම මේ ලෝකෙට බිහිවෙන්නේ රංචු ගැහිලා ඉන්නම තමයි.ඉතිම් කොහොමද අපිට තනියෙන් ඉන්න පුළුවන් කියලා අපි කියන්නෙ.අපිට අපේ දේවල් වලට අනික් අයගේ උදව් ඕනිමයි.බලන්න බඩිගිනී වුණාම අපි කන්න බෙදාගන්න බත් පිඟාන දිහා.ඒ පිඟානට ඒ කෑම ටික එන්න ඒ ක්‍රියාවලිය පිටිපස්සේ කොතරම් මිනිස්සුන්ගේ ශ්‍රමය,දහඩිය,කාලය,මුදල්,හැඟීම්,බුද්ධිය මෙකී නොකී හැම දේම පිරිලා තියෙනවා නේද.කිසිම දවසක හිතලා බැළුවානම් ඒ එක කෙනෙක් හරි ගිලිහුණා නම් ඒ සම්පූර්ණ ක්‍රියාවලියම අඩාල වන බව දැනෙන්නට ඇති.

අපි හැමෝම මේ ලෝකෙට ආවේ හැමදාම මෙහේ ඉන්න නෙවෙයි.හිතන්නකෝ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100ක් කියලා.ඒකෙන් අපිට තව ඉතුරු කොයිතරම් කෙටි කාලයක්ද.අපි ජීවත් වෙන ඉතාම කෙටි කාලය තුල අනික් අය සමඟ ආදරයෙන්,කරුණාවෙන්,ඉරිසියාවෙන් තොරව ඉන්න පුළුවන් නම් මිනිස්සු අතින් පව් සිද්ධ වෙන එක අඩු වෙලා යනවා.හිර ගෙවල් නැතිවෙලා යනවා.මිනිස්සු හැමෝම කැමති සතුට කියන එකට.මිනිස්සු  හැමෝම අකමැති දුක කියන එකට.මිනිස්සු හැමෝටම බඩිගිනි වෙනවා,මහන්සි හිතෙනවා,මේ හැමදේම සමානවම දැනෙනවා.ඉතිම් ඒ තරම් එක සමාන අවශ්‍යතාවන් තියෙන මිනිස්සුන්ව ධනයෙන්,බලයෙන්,රැකියාවෙන්,උගත්කමිනි ,කුලයෙන්,ජාතියෙන් පහත් කරලා දානවා නම් අපි කන බත් පිඟාන ගැනත් අපි ලැජ්ජ වෙන්න ඕනි.මොකද ඒ එලවළු වගා කරපු අයගේ,ඒවා ගත්තු කඩේ මුදලාලිගේ වතගොතවත්, පරම්පරාව ගැනවත් අපි හොයන්නේ නෑනේ.අපිට ලෙඩක් හැදිලා ලේ දෙන්න වුණොත් ඒ ලේ උපතේ සිටම ධනයෙන් බලයෙන් උසස් කෙනෙකුගේද,අපේ ජාතියේද කියලා අපි හොයන්න කාලය නාස්ති කරන්නේ නෑ.ඒ වගේ ඇයි අපිට බැරි අපේ ජීවිතේ අනික් දේවල් වලදිත් ඒ සමානකම මිනිස්සුන්ට දීලා අනික් අය එක්ක හොදින් ඉන්න බැරි.

මිනිස්සුන්ට ,සතුන්ට වඩා ලස්සන භාශාවක් හිමිවෙලා තියෙනවා.ඉතාම සුවිශේෂ වෙනස්කම් තියෙන  ඒ භාශාව තමයි මිනිස්සුන්ගේ සියළුම අවශ්‍යතාවන් ඉෂ්ට කරන ප්‍රදානම දේ.ඉතිම් ඒ ලස්සන භාශාව ලස්සනට පාවිච්චි කරලා අපි අනික් අයට කතා කරමු.හැම මොහොතකම ඉවසීමෙන්,ආදරයෙන් කතා කරමු.අපි කතා කරන වචවලට මිනිස්සුන්ගේ ජීවිත ශක්තිමත් කරන්නත්,විනාශම කරලා දාන්නත් හැකියාවක් තියෙනවා.ඒ නිසා අපි අපේ ඇතුලේ නිදාගෙන ඉන්න මිනිසත්කම ඇහැරවමු.හැමෝටම ගරු කරමු.හැමෝටම ආදරණීය වෙමු.හැමෝටම කරුණාව දක්වමු.අනෙක් අය වෙනස් නොවෙනවානම් තමන්වත් වෙනස් වෙන්න උත්සහ කරලා තමන්ගේ වගකීම ලෝකෙට නිහඬව ඉෂ්ට කරමු.
 සටහන-Subhashini Abewardhana

Related

Articles 8443692666008014307

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item