uvtsuorg

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විකාශනය

අතීතයේ රත්මලාන භූමිය තුළ පැතිරතිබූ වගුරු බිමක් විය. එය අත්තිඩිය වගුරුබිම ලෙස එකල හැදින්වීය. කෙසේ වෙතත් වර්ෂ 1985 නොවැම්බර් මස 11 වනදා පෙ.ව. 10.21 ට එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාවරයා වූ ගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් අතින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්‍යාලය සඳහා මුල් ගල තැබීය. එමගින් එම ජාතික තාක්ෂණික ගුරු පුහුණු විද්‍යාලය ආරම්භ විය. ඔබ අද ඉගෙනුම ලබන තාක්ෂණික සරසවි භූමියට ආසන්න වසර 35ක තාක්ෂණික ඉතිහාසයක් හා ආභාෂයක් ඇති බවට මෙම සාඩම්බර ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අතරම අද සරසවි භූමියේ ඇති පැරණි ගොඩනැගිලි සංකීර්ණය මෙම භූමියේ ඉදිවූ පැරණිතම හා පළමු ගොඩනැගිලි සංකීර්ණය වේ. ඉන් අනතුරුව බණ්ඩාරණායක ජන්ම ශතක සංවත්සරය යෙදුනු වර්ෂ 1999 ජනවාරී 8 වන දින එවකට අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ මග පෙන්වීම පරිදි 1998 අංක 59 පනත යටතේ ශ‍්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය නමින් ආයතනයක් මෙම භූමියේ ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇත.

වර්ෂ 2004/2005 යනු ශ‍්‍රී ලංකාව ප‍්‍රභල කාර්මික හා තාක්ෂණික දියුණුව කරා පියනගිමින් පැවති කාල වකවානුවකි. එහිදී ඉදිරි අනාගත සුවිසල් දැනුම හා නිර්මාණාත්මක හැකියාවන් සහිත පුද්ගල උවමනාව සැලකිල්ලට ගනිමින් තාක්ෂණික සරසවියක අවශ්‍යතාව ඉතා වැදගත් විය. එයට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස වූ විශ්වවිද්‍යාලයක් ඇරඹීම සඳහා 2005 නොවැම්බර් මස 15 වන දින යෝජිත නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය. ඒ එවක අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මගපෙන්වීම යටතේ එවකට අග‍්‍රාමාත්‍යතුමන් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් මුල් ගල තැබීය. එසේ වූ පසුබිමක 2009 මාර්තු 31 වන දින එවක අතිගරු ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2008 අංක 31 දරන පනතින් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය උත්සවශ‍්‍රියෙන් ආරම්භ කරන ලදි.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා ලෙස මහාචාර්යය කපිල ජී.ඒ. ගුණසේකර මහතා කටයුතු කළ අතර ඉන් අනතුරුව ආචාර්යය ටී.ඒ. පියසිරි මහතා උපකුලපති ධූරය දැරීය.

සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල සම්ප‍්‍රදාය අතික‍්‍රමණය කරමින් ඉන් ඔබ්බට ගිය තාක්ෂණික සරසවි ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන කරලියේ නව හැරවුම් ලක්ෂයක් විය. මූලික උසස් අධ්‍යාපනයෙන් අපොස සාමාන්‍ය පෙළ හෝ අපොස උසස් පෙළ තුලින් තම ඉලක්ක සපුරාගත නොහැකි වූ හෝ මගහැරීගිය පුද්ගලයෙකුට තම අරමුණ වූ උපාධිය දක්වා පිය නැගීමට ඇති අයිතිය සඳහා අවකාශයක් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල තුළින් ඇතිවිය. ජාතික නිපුණතා මට්ටම් 5 හෝ 6 සපුරා ඇති පුද්ගලයෙකුට උපාධි මට්ටම සඳහා විවෘතව පවතින එකම රාජ්‍ය තාක්ෂණික විශ්වවිද්‍යාලය ලෙස මෙම විශ්වවිද්‍යාලය සාඩම්බරව ස්ථාපිතව පවතී.

ආරම්භයේදී එක් පාඨමාලාවක් සඳහා ඇතුලත්වූ උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15 ක වැනි ආසන්න අගයක පැවතියද එය 45ක් වැනි ප‍්‍රමාණයකට සියලූ පහසුකම් මෙම විශ්වවිද්‍යාලය තුළ පැවතිනි. 2015/2016 යනු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ දැඩි ආකල්පමය වෙනසක් හා පිබිදීමක් පෙන්නුම් කරන කාලසීමාවක් විය. සතියේ දින පාඨමාලාවල පවතින ඉඩකඩ හා අපතේ යන පහසුකම් ඵලදායීව රටේ අනාගත දියුණුවට යෙදවීම පිළිබඳව මහත් වූ සංකල්ප හා මතවාද ගොඩනැගෙන්නට විය. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කිසිවිටෙකත් සීමා වූ විශ්වවිද්‍යාලයක් නොවේ. වයස් හා සහතික පත‍්‍රය මත පමණක් සීමාවී අධ්‍යාපනය ලැබීමට කිසිදු බාදාවක් පවතින විශ්වවිද්‍යාලයක් නොවේ. විවිධ වයස් මට්ටම්, විවිධ ක්ෂේත‍්‍ර දැනුම්, විවිධ අත්දැකීම් වලින් අනූන පුද්ගලයින් එකට උරෙන් උර ගැටෙමින් සහයෝගයෙන් විශ්වීය දැනුම සොයා යන විශ්වවිද්‍යාලයකි. එහිදී සියලූ සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් 2017 වසරේ සිට අ.පො.ස. උසස් පෙළ අගය මත පදනම්ව උස්ස පෙළ සිසුනද විශ්වවිද්‍යාලයට බඳවා ගැනිනි. එයට එවක සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මහත් පරිශ‍්‍රමයක් දැරිය අතර විශ්වවිද්‍යාල ප‍්‍රජාව තුළ එය ඒ ලෙවල් සටන ලෙස ප‍්‍රචලිත විය. එම සංකල්පය මූලිකව එවක සිටි උපකුලපති තුමන්වන මහාචාර්යය ජී.එල්.ඞී. වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයක් ද විය.

එතැන් සිට විශ්වවිද්‍යාලයේ සමස්ථ බඳවා ගැනීමේ ධාරීතාව ශිෂ්‍යයන් 1000 කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විය. මෙම වකවානුව තුළ මීට සමගාමීව විවිධ අංශ ඔස්සේ විශ්වවිද්‍යාලය ඉදිරියට යමින් පැවතුනි. 2015 හා 2017 යන කාල සීමාව විශ්වවිද්‍යාලයේ නව යුගයක් බිහි කෙරීය. එයට ප‍්‍රතීතන තත්ව සහතිකය ලබා ගැනීම. රොබෝ තරග ජයග‍්‍රහණය හේතුවෙන් රටෙහි රොබෝ තගර තුළ ඉතිහාස ගත වන නාමයක් ලෙස වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල නාමය සඳහන් වීම වැනි බොහෝ දේ ඇත.

ස්තූතියි...

Related

News 4946763374739335317

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item