uvtsuorg

එන්න තරුණ ජීව වේදීන්ගේ මහ වනස්පතියෙහි සෙවණ යටට...!

පාසල් ජීවිතය අවසන් වෙලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න නැතිනම් වෘත්තිය ජීවිතයට යොමු උනාම ජීවිතේ තිබුන සමබරතාව නැතිවෙලා ජීවිතේ ඒකාකාරී ස්වාභාවයක් ගන්නවා. අත්දැකීම් අඩු තාරුණ්‍යයට ඒක ඉතාම තදින් දැනෙනවා. ජීවිතේ සාර්ථක වෙන්න නම් අධ්‍යාපන/ වෘත්තිය සාර්ථකත්වය වගේම සතුට, විනෝදය, සැහැල්ලුව ජීවිතේට අවශ්‍යයයි. ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය ලබද්දිත් වෘත්තිය ජීවිතය ගත කරද්දිත් අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරීම, අන්‍යමත ඉවසීම, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම වගේ මෘදු කුසලතා වර්ධනය වෙලා තියෙන්නත් ඕන. මේ දේවල් ජීවිතේට ලඟාකර ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි විවිධ සංවිධාන වලට සම්බන්ධ වෙලා කටයුතු කරන එක. අපි ඒ පිලිබඳව මීට කලිනුත් කතා කලා.

මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන් සංවිධාන අතරින් තරුණ ඔබට වඩා ගැලපෙන සංගමක් විදියට “ ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය / Young Biologists' Association (YBA) ” හඳුන්වන්න පුළුවන්. ජීවවිද්‍යාව ගවේෂණය, තරුණ පරපුර අතර ජීවවිද්‍යාව සහ එහි නව ප්‍රවණතා ප්‍රචලිත කිරීම හා එමගින් පාරිසරික ජෛවවිවිධත්වය තිරසාර කළමණාකරණය සඳහා දායක වීම යන අරමුණු ඇතිව 1998 වර්ෂයේ මාර්තු මස 13 වන දින, ශ්‍රී ලංකා ජීවවිද්‍යා ආයතනයට අනුබද්දිතව මේ සංගමය ආරම්භ කරලා තියෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයෙ මහාචාර්ය හිරාන් අමරසේකර මැතිතුමාගෙ උපදේශකත්වය යටතේ ජාතික කෞතුකාගාරය, ස්වභාවික විද්‍යා කෞතුකාගාරය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග එක්වී විවිධ ව්‍යාපෘති, දේශන, වැඩමුළු, ප්‍රදර්ශන, ග්‍රන්ථ එළි දැක්වීම්, ක්ෂේත්‍ර චාරිකා, සම්මන්ත්‍රණ ආදී වැඩසටහන් පවත්වමින් මිහිතලයට ආදරය කරන අභිමානවත් තරුණ පිරිසක් බිහිකිරීම වෙනුවෙන් ක්‍රියා කරන මේ සංගමය ඒ සඳහා

  • ජෛවවිවිධත්වය ප්‍රවර්ධනය කිරීම සහ ජෛවවිවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා තරුණ පරපුර හට මග පෙන්වීම.
  • තරුණ ශිෂ්‍ය ප්‍රජාව වෙත, විවිධ අධ්‍යයන, පරීක්ෂණ හා සමීක්ෂණ ආදිය සඳහා අවස්ථාව උදා කර දීම.
  • තිරසාර ලෙස පාරිසරික සම්පත් කළමණාකරණය කරමින්, ස්වභාවික පාරිසරික රටාවන් ආරක්ෂා කිරිමට දායක වීම.
  • තරුණ තරුණියන්ට තම විවේකය, දැනුමින් සහ විනෝදයෙන් පර්පූර්ණව, අර්ථවත් ලෙස ගත කිරීමට ඉඩ හසර ලබා දීම.
  • මාසිකව සංවිධාන කරනු ලබන ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා මගින් ජෛවවිවිධත්වය අධ්‍යයන, වන ජීවී ඡායාරූපකරණය, සහ ජෛවවිවිධත්වය සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම.
  • “අත්වැල” - උසස් පෙළ ව්‍යාපෘතිකරණ උපදේශන වැඩමුළුව මගින් උසස් පෙළ ව්‍යාපෘති සඳහා මග පෙන්වීම
  • “උසස් පෙළින් පසු” - උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩ සටහන පැවැත්වීම වැනි වැඩ සටහන් රැසක්ම ක්‍රියාත්මක කරනවා.

මේ සංගමයට සම්බන්ධ වීමෙන් තරුණ ඔබටද වාසි රැසක්ම ලබා ගන්න පුළුවන්. මේ සංගමයෙ සතිපතා දේශන සෑම බදාදා දිනකම සවස 2.30 කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයෙදි පැවැත්වෙනවා. මෙහිදි ජීව විශේෂ ජීවීන් හඳුනාගැනීම, විස්තර කිරීම, නාමකරණය, ක්ෂේත්‍ර අධ්‍යයන ශිල්ප ක්‍රම, ජීව විද්‍යාත්මක දත්ත වාර්ථාකරණය ආදිය ආදි කරුණු පිලිබඳව දැනුවත් කිරිම සිදුකරනවා. මෙහි සාමාජික සාමාජිකාවන් සෑම මසකම සිදුකරන ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව නිසා ජීව විශේෂ හඳුනා ගැනීම, විස්තර කිරීම, ක්ෂේත්‍ර අධ්‍යයන ශිල්ප ක්‍රම පිලිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. මෙය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන වටිනා අවස්ථාවක්. සෑම වසරකම උසස්පෙළ විභාගයෙන් පසුව සංවිධානය කරන වාර්ෂික චාරිකාව මගින් අළුත් දැකීම්, දැනුම වගේම උසස්පෙළට පෙනීසිටි අයට ලොකු සැහැල්ලුවකුත් ලබා ගන්න පුළුවන්.

මේ සංගමය මගින් පාසල් සිසුන්, තරුණ තරුණියන්, මහජනතාව සඳහා විවිධ වැඩමුළු, දේශන, දැනුවත් කිරීම් ආදිය සිදුකරනවා. මේ සඳහා සහභාගිවීමෙන් විශාල දැනුමක් හා අත් දැකීම් සම්භාරයක් ලබා ගන්න පුළුවන් . සෑම වසරකම පැවැත්වෙන EDEX – Expo අධ්‍යාපන ප්‍රදර්ශනය ඇතුළු ප්‍රදර්ශන වලට මේ සංගමය සහභාගි වෙන නිසා ඒවාට සහභාගි වීමේ දුර්ලභ අවස්ථාවත් මෙහි සාමාජිකයන්ට හිමි වෙනවා. වාර්ෂිකව සංවිධානය කරන උසස්පෙළ විභාගයෙන් පසුව පැවැත්වෙන අධ්‍යපන හා වෘත්තිය අවස්ථා පිලිබඳ, ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් සම්බන්ධ කරගෙන සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන මගින් තරුණ තරැණියන්ට තමන්ගෙ ඉදිරි අධ්‍යාපන කටයුතු පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

මේ නිසා මේ සංගමය සමග සම්බන්ධ වීමෙන් තරුණ ඔබට නව අත්දැකීම් රැසක් ලබා ගන්න, විවිධ ක්ෂේත්‍ර වල අළුත් මිතුරු මිතුරියන් හඳුන ගන්න වගේම තමන්ගෙ ජීවිතයට අවශ්‍ය මෘදු කුසලතා වර්ධනය කරගන්නත් හැකියාව ලැබෙනවා. මේ වගේ සංගමයක සාමාජිකත්වය දැරීම රැකියාවකට යාමේදිත් වැදගත් වෙනවා. රැකියා අයදුම්පත් යොමු කිරීමෙදි තමන්ගෙ බාහිර ක්‍රියා කාරකම් වලට ඒ බව සඳහන් කරන්න පුළුවන් නිසා එය විශේෂ වාසියකුත් වෙනවා.

දැන් තරුණ ඔබටත් ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය සමග සම්බන්ධවීමට අවස්ථාව තියෙනවා. මේ සංගමය පිලිබඳ හා ඔවුන්ගෙ ක්‍රියාකාරකම් පිලිබඳ තොරතුරු “ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය, විද්‍යා මන්දිරය, 120/10, විද්‍යා මාවත, කොළඹ 07 ” යන ලිපිනයෙන් හෝ http://www.ybasrilanka.org/ සහ https://www.facebook.com/ybasrilanka/ වෙබ් අඩවි මගින් ලබා ගන්න පුළුවන්. සැම ඉරිදා දිනකම සවස 2.30 ට මහවැලි කේන්ද්‍රයට පැමිණීමෙන් සමාජිකත්වය ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. 0773755216 ( සජිත් හර්ෂණ - සභාපති) දුරකතන අංකය මගින් අවශ්‍ය සියළු විස්තර ලබා ගන්න පුළුවන්.

ඉතින් ඔබත් එන්න විශ්වයම මැවූ සොභා සෞන්දර්යය නිහඬව මුමුණන ගීතයට සවන් යොමන්න. මිහිලිය ඔබට කියාදෙන ජීවන දහම අත් විඳින්න. ජීවිතයේ දහසකුත් එකක් සොඳුරු වර්ණ හැඳින ගන්න. ඉන් වර්ණ ගැන් වී, හැඩ වන්න. ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ, අභිමානනීය පෞරුෂයක් ව, විශ්වාසයෙන් නැගී සිටින්න. එන්න..! තරුණ ජීව වේදීන්ගේ මහ වනස්පතියෙහි සෙවණ යටට...! මේ නැවුම් දළුලන, වසත් කාලයයි...!

තොරතුරු:- කසුනි යාපා සහ තිලිණි හර්ෂණී - තරුණ ජීවවේදීන්ගේ සංගමය.

- අසිරු වේදිත කරුණාරත්න -

Related

Articles 1289915198972260657

Post a Comment Default Comments

emo-but-icon
:noprob:
:smile:
:shy:
:trope:
:sneered:
:happy:
:escort:
:rapt:
:love:
:heart:
:angry:
:hate:
:sad:
:sigh:
:disappointed:
:cry:
:fear:
:surprise:
:unbelieve:
:shit:
:like:
:dislike:
:clap:
:cuff:
:fist:
:ok:
:file:
:link:
:place:
:contact:

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

RecentCommentsPopular

Recent

සිසුවිරු සැමරුම

 ඔවුහු ඔබට අසීමිතව ප්‍රේමකලහ!අපියන්නෙ කොයි පාරෙත්‍රිමා වෙනුර ගිය පාරෙඅපි යන්නෙ කොයි පාරෙ නිෂ්මි බාලෙ ගිය පාරෙඅපි යන්නෙ කොයි පාරෙවිරු සොයුරන් ගිය පාරෙ....එදා ඇසින්වත් නොදුටු පරම්පරාවක් වෙනුවෙ...

2023/24 ශිෂ්‍ය කණ්ඩායමේ සමාරම්භක උත්සවය

 2023/24 අධ්‍යන වර්ශය සඳහා නවස සිසුන් බඳවාගැනීම පසුගිය දින කිහිපයන්හී සුදුවුන අතර එම වර්ශයට අදාල ශිෂ්‍ය කණ්ඩායමේ සමාරම්භක උළෙල  2024 ජුනි 20 දින අදියර දෙකකට සිදුවුනි.මෙහි පළමු අදියර ලෙස ඉංජි...

ශිෂ්‍ය සංගමය හා විපක්ෂ නායක විපක්ෂ නායක අතර සාකච්ඡාක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් හා විශ්වවිද්‍යාලයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සියළු දේශපාලන පක්ෂ දැණුවත් කිරීමේ වැඩපිළිවලේ පළමු අදියර ලෙස 2023.05.16 දින විශ්වවිද්‍යාලයේ ශ...

Webinar on Personal Branding & Linkedin Strategies For Professional Development

 𝑰𝑬𝑬𝑬 𝑫𝒂𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 - 2021✨"𝐋𝐞𝐯𝐞𝐫𝐚𝐠𝐢𝐧𝐠 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐟𝐨𝐫 𝐚 𝐁𝐞𝐭𝐭𝐞𝐫 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰"✨𝚘𝚗 𝚋𝚎𝚑𝚊𝚕𝚏 𝚘𝚏 𝙸𝙴𝙴𝙴 𝙳𝚊𝚢 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚗𝚐, �...

IEEE HoBnoBBers - IEEE Day Celebration 2021

 Ahoy clever-clogs!Here's our program layout! We've got four educational and informative sessions with fun twists up in the sleeve!! Join us each day to add value to your knowledge base and have ...

Comments

Anonymous:

thanks a lot asiru. very good article

Anonymous:

I love to see this kind of productive work done by our freshers. Nicely done people. Greetings from 2015 batch.

Event Calendar

Comming Soon

Comming Soon
item