uvtsuorg

කෘෂි ක්ෂේත්‍රයේ ඉහලටම යන්න...

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ 2016.06.30 පුවත්පතට ලියූ ලිපි පෙළක්.
කෘෂිකාර්මික ක්ෂේත්‍රය අනෙක් සෑම ක්ෂේත්‍රයක් වගේම දිනෙන් දිනම නව සොයාගැනීම්, නව දැනුම, නව තාක්ෂණය සමගින් දියුණුවට පත්වන විෂය ක්ෂේත්‍රයක්. මේ නිසා මේ ක්ෂේත්‍රයට ඒ පිලිබඳව හසල දැනුමක් තියෙන පර්යේෂකයින්, විද්‍යාඥය,න් කලමණාකරුවන් විශාල වශයෙන් අවශ්‍යයයි. ඒ නිසා ලොව අනෙකුත් රටවල් මෙන්ම කෘෂිකාර්මික රටක් වන අපේ රටත් ඒ අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් කෘෂි උපාධිධාරීන් බිහිකර ගැනීම සඳහා උපාධි පාඨමාලාවන් රැසක්ම පවත්වාගෙන යනවා.

කෘෂි ක්ෂේත්‍රයේ බොහෝ උපාධි පාඨමාලාවන් සඳහා ඇතුලත් වීමට උසස්පෙළ විභාගයෙන් නියමිත විෂයන්ගෙන් සමත්වෙලා අවශ්‍ය Z ලකුණු ප්‍රමාණය ලබා ගන්න ඕන. මේ නිසා මේ උපාධි පාඨමාලා සමග සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙන්නෙ ඉතාම සුළු පිරිසකට පමණයි. නමුත් එහෙම ඇතුලත් වීමට අවස්ථාව අහිමි වුන අයටත් මේ ක්ෂේත්‍රයේ උපාධියක් හිමිකර ගැනීමේ අවස්ථාවනුත් කිහිපයක්ම තියෙනවා.

විවෘත විශ්වවිද්‍යාලය / Open University

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පවත්වාගෙන යන Bachelor of Industrial Studies Honours in Agriculture (BIS in Agriculture) උපාධි පාඨමාලාව මේ ක්ෂේත්‍රයේ ඇති රැකියා වෙළඳ පල ඉලක්ක කරගත් (industrial-oriented) උපාධි පාඨමාලාවක්. මේ පාඨමාලාව කෘෂිකර්ම විද්‍යාල කාර්මික වල ඩිප්ලෝමාධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන් ඉලක්ක කරමින් සකස් කරලා තියෙනවා. මේ නිසා මේ පාඨමාලාව රැකියාවක් බලා පොරොත්තු වෙන අයට වගේම රැකියාවක නිරත වෙලා ඉන්න අයටත් හදාරන්න පුළුවන්. සිව් අවුරුදු ගෞරව උපාධි පාඨමාලාවක් වන මේ පාඨමාලාව සඳහා උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වීම, විශ්වවිද්‍යාලයේ පදනම් පාඨමාලාව සමත්වීම හෝ විශ්වවිද්‍යාලය මගින් පිළිගන්නා වෙනත් සුදුසුකම් මගින් ඇතුළු වෙන්න පුළුවන්. මේ පිලිබඳව වැඩිදුර තොරතුරු www.ou.ac.lk/eng වෙබ් අඩවිය මගින් හෝ 011-2881315 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්.

වයඹ විශ්වවිද්‍යාලය / Wayamba University of Sri Lanka

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයයේ කෘෂි හා වැවිලි කළමනාකරණ පීඨය (Faculty of Agriculture & plantation management) මගින් විද්‍යාවේදී වැවිලි කළමනාකරණය / Bachelor of Science in Plantation Management (B.Sc. Plantation Management) බාහිර උපාධි පාඨමාලාව (External Degree Programme) පවත්වා ගෙන යනවා. මෙය වැවිලි ක්ෂේත්‍රය ඉලක්ක කරගත් තුන් අවුරුදු උපාධි පාඨමාලාවක්. මේ උපාධි පාඨමාලාව පිලිබඳ වැඩිදුර තොරතුරු http://www.wyb.ac.lk/ වෙබ් අඩවියෙන් හෝ 031-2299704 මගින් ලබා ගන්න පුළුවන්. නැනිනම් කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය, ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලය, මාකඳුර, ගෝනවිල (NWP) ලිපිනය මගින් විමසීමක් කිරීමේ හැකියාවත් තියෙනවා.

මේ පාඨමාලාව සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනය හරහා සම්බන්ධ වීමේ හැකියාවත් තියෙනවා. ඒ පිලිබඳව තොරතුරු http://www.nipm.gov.lk/ වෙබ් අඩවිය මගින් ලබා ගන්න පුළුවන්

කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය / Institute for Agro-technology and Rural Sciences, University of Colombo


කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය මගින් Bachelor of Agro-technology උපාධි පාඨමලාව පවත්වාගෙන යනවා. මේ උපාධි පාඨමාලාව කෘෂිකර්මාන්තයේ නිරත වූවන් වෙනුවෙන් සකස් කර ඇති පාඨමාලාවක්. ශ්‍රී ලංකාවෙහි මුල් වතාවට කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට සහතික පත්‍ර ,ඩිප්ලෝමා හා උපාධියක් ලබා ගනිමින් තරුණ ගොවි ජනතාවට දැනුම සමග කෘෂිකර්මාන්තයේ යෙදීම සදහා සහ උසස් අධ්‍යාපනය සදහා යොමුවීමට මේ ආයතනය මගින් අවකාශ සපයලා තියෙනවා.

සහතික පත්‍ර පාඨමාලාවන් 9 කින් සමන්විත මේ ආයතනයේ ඩිප්ලෝමාව Diploma in Agro-technology (2 years and 03 months) හැදැරීමෙන් පසුව සහතික පත්‍ර පාඨමාලාවන් 4 කින් සමන්විත උසස් ඩිප්ලෝමාව Higher Diploma in Agro-technology (1 year) හදාරන්න පුළුවන්. ඉන් පසුව තව දුරටත් අධ්‍යන කටයුතු සිදු කිරීමෙන් Bachelor of Agro-technology (B.Ag-tech Degree Programme) උපාධිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පාඨමාලාවෙහි තියෙන විශේෂත්වය වන්නේ තමන්ගේ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අතරතුර බාධාවකින් තොරව පාඨමාලාව හැදෑරීමේ පහසුකම ලැබීම.

මේ උපාධි පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු http://uciars.cmb.ac.lk/ වෙබ් අඩවියෙන් හෝ 047-3620468 දුරකතන අංකයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල පාඨමාලා කිහිපයක් සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් ජාතික වෘත්තිය සුදුසුකම් 5 (NVQ 5) සහ 6 (NVQ 6) ලබාගන්න පුළුවන්. මේ මගින් තාක්ෂණවේදී උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවත් හිමිවෙනවා.

  • කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ එක් අවුරුදු කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව/ National Diploma in Agricultural Production Technology One Year ( NVQ Level 05)
  • කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ කෘෂිකර්ම විද්‍යාල මගින් පිරිනමන දෑ අවුරුදු කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව / National Diploma in Agricultural Production Technology Two Year ( NVQ Level 06)
  • කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමාව / Agriculture Production Technology ( NVQ Level 05 සහ 06)
  • කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණ ඩිප්ලෝමාව/ Diploma in Farm Machinery Technology ( NVQ Level 05 සහ 06)
  • වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල විද්‍යායතන මගින් ලබාදෙන තුන් අවුරුදු පසු අස්වනු තාක්ෂණය / Post Harvest Technology හා ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණ / Farm Machinery Technology ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ( NVQ Level 05 සහ 06)
වැනි ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා මගින් ජාතික වෘත්තිය සුදුසුකම් 5 සහ 6 ලබා ගන්න පුළුවන්. උපාධියක් හිමිකර ගන්න බැරි උනත් මේ ක්ෂේත්‍රයේ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමාධාරීන්ටත් දේශිය මෙන්ම විදේශීයවද විශාල රැකියා අවස්ථා වන් ප්‍රමාණයක් තියෙනවා.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් නිසා ගොවි ජනතාව රටෙහි ආර්ථිකය සදහා විශාල මෙහෙවරක් සිදු කරනවා.එම නිසා,කෘෂිකර්මාන්තය රටෙහි වැදගත් වෘත්තියක්. මේ නිසා එහි නියැලී සිටින්නන් එම ක්ෂෙත්‍රයේ දැනුමින් සන්නද්ධ වෙන්න ඕන. දැනුම සමග කෘෂිකර්මය ඉහළට ගෙන යාම තුලින් රටෙහි ආර්ථිකය නගා සිටුවීමට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.

කෘෂි ක්ෂේත්‍රය බෝග වගාව, සත්ව පාලනය, වැවිලි කර්මාන්තය, අහාර තාක්ෂණය, පෝෂණ විද්‍යාව, උද්‍යාන විද්‍යාව වැනි අංශ ගනනාවකින් සමන්විතයි. අපිට ඉදිරි කාලයෙදි ඒ ඒ අංශ වල රැකියා හා අධ්‍යාපන අවස්ථා පිලිබඳ කතාබහ කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් දැනුවත් බවක් නොමැති උනත් මේ ක්ෂේත්‍රය තුල අති විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඔබටත් මේ ක්ෂේත්‍රයට කැමැත්තක් දක්ෂතාවයක් තියෙනවා නම් ඒ පිලිබඳ තොරතුරු සොයා බලන්න. ඒ සඳහා මේ සටහන අත්වැලක් වේවි.
-අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 2061851374446957660

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item