"සිහින රංගනා" දොරට වැඩුම
https://www.uvtsu.org/2015/08/blog-post.html
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බහු මාධ්‍ය හා වෙබ් තාක්ෂණවේදී උපාධි අපේක්ෂක දුමින්ද ලක්මාල්ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය"සිහින රංගනා" 2015 අගෝස්තු තුන්වන දින විශ්වවිද්‍යාලයිය ශ්‍රවනාගාරයේදී එළිදක්වන ලදි.
උපකුලපති ආචාර්ය ටී.ඒ. පියසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කාව්‍ය විශාරද පූජ්‍ය තෙලුල්ලේ චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාශකත්වයෙන් පැවැත්වුන මෙම චාම් කෙටි උත්සවය බොහෝ දෙනෙකුට සරසවි ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් විය. මාධ්‍ය හා ප්‍රකාශන කමිටුව වෙනුවෙන් එහි සභාපති ඩී. ඩී විජේසිංහ මහතා, පැමිණ සිටි පිරිස පිළිගැනිම සහ අරමුණ පැහැදිලි කිරීම සිදුකල අතර අනතුරුව ජේෂ්ඨ කථිකාචාර්ය සුදත් ලියනගේ මහතා විසින් සිදුකල කවියෙහි රුව ගුණ වර්ණනාව මෙන්ම ඇක්වයිනාස් ආයතනයේ ශාස්ත්‍ර පීඨයේ කථිකාචාර්ය කල්ප එරන්ද මහතා විසින් කාව්‍ය සංග්‍රහය පිලිබඳ කල විචාරය කාගේත් සිත් සනසවන්නට සමත් විය.
විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නිල්මිණි දියබෙදනගේ, මාධ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි, පීඨාධිපතිවරුන් වන ආචාර්ය ඩී.ඩී.ඩී. සුරවීර, එල්.ඩබ්ලිව්.එස්. කුලරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ විශ්වවිද්‍යාලයිය සිසු සිසුවියන් මේ අවස්ථාවට සහභාගී විය.