uvtsuorg

ඉගෙන ගන්න මුදල් තමන් සොයා ගන්න

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක්.


අද රටේ ඉහල තැන්වල ඉන්න බොහෝ අය තමන් අධ්‍යාපනය ලබන අවධියෙ තිබුණ ආර්ථික අපහසුතා මගහරවා ගනන්න සිමෙන්ති අනපු හැටි, මුට්ට කරගහපු හැටි, පොලේ බඩු විකුණපු ආකාරය පිලිබඳ කථා කරනවා ඔබ ඕන තරම් අහලා ඇති.අදත් අපේ රටේ බොහෝ තරුණ පිරිස් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් හොයාගන්නෙ බොහොම අසීරුවෙන්. එහෙම මුදල් සොයා ගන්න බැරි වුනාම සමාජ ශාලා වගේ තැන්වල රැකියා සොයා ගෙන යන අය වගේම අධ්‍යාපනය අත ඇරලා රැකියා හොයාගෙන යන විශාල පිරිසක් අපි අතර ඉන්නවා. නමුත් ටිකක් කල්පනා කලොත් තමන් ඉගෙන ගන්න දේවල්ම භාවිතා කරලා තමන්ගෙ එදිනෙදා වියදම් හොයාගන්න පුළුවන් සාධාරණ යහපත් ක්‍රමත් ඕන තරම් තියෙනවා. 

අන්තර්ජාල සේවාවන් භාවිතා කරලා මුදල් උපයන එක අධ්‍යාපන කටයුතු කරන කෙනෙකුට ඉතාම පහසුක්‍රමයක්. අන්තර්ජාල රැකියාවන් පිලිබඳව ඔබ අහලා ඇති. මේ ක්‍රමයත් අන්තර්ජාල මුදල් (internet money) ලබා ගන්න එක් ක්‍රමයක්. නමුත් අවාසනාවට අපේ රටේ අන්තර්ජාල මුදල් පිලිබඳව සමාජය පුරා පැතිරිලා තියෙන්නෙ සත්‍යයට වඩා මිත්‍යාව. තමන්ට අවශ්‍ය සේවාවන් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් විශාල අන්තර්ජාල වෙලඳපලවල් (Online marketplace) අද බහුලවම දකින්න පුළුවන්. මේවයින් කරන්නෙ සේවයක් අවශ්‍ය කෙනාට එම සේවය ඉටුකරන්නා සම්බන්ධ කරන අතරමැදි සේවාවක්. මේ වගේ සේවා හරහා තමන්ගෙ දැනුම හැකියාව භාවිතා කරලා ආරක්ෂිතව මුදලක් උපයගන්න අපේ රටේ තරුණ තරුණියන්ටත් හැකියාව තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙදි මැතිවරණ පොරොන්දුවක් වුනෙත් මේ වගේ සේවාවන් ව්‍යාප්ත කරනවා කියන එක.

උදාහරනයක් විදියට මට අවශ්‍ය වෙනවා, මම ලියන පොතකට පිට කවරයක් හදාගන්න. මම කරන්නෙ මේ වෙබ් අඩවියක් හරහා මට ඒ වෙනුවෙන් ගෙවන්න පුළුවන් මුදල සඳහන් කරලා ඉල්ලීමක් කරන එක. ඔබට මේ කාර්ය ඒ මුදලට ඉටුකරන්න පුළුවන් නම් ඒ කාර්ය ඉටුකරලා දීලා මුදල් ලබාගන්න පුළුවන්. මේ වගේ දෙයක් තමයි මේ වෙබ් අඩවි හරහා සිදුවෙන්නෙ. පොත් කවර හදන වගේ වැඩ විතරක් නෙමෙයි Graphics & Design, Online Marketing, Writing & Translation, Video & Animation, Business, Music & Audio, Programming & Tech, Advertising, Lifestyle වගේ විවිධ ක්ෂේත්‍ර යටතේ විශාල පරාසයක සේවාවන් සපයන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය වැනි විෂයන් ඉගෙන ගන්න අයට චිත්‍රක නිර්මාණය, වෙබ් පිටු සෑදීම, පරිගණක වැඩසටහන් සැකසීම වැනි දේවල් කරන්න පුළුවන්. භාෂාවන් ඉගෙන අයට පරිවර්තන කටයුතු, වාර්ථා සැකසීම වැනි කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. වාණිජ ක්ෂේත්‍රයන් හදාරන අයට ගිණුම් සැකසීම, ව්‍යාපාරික වාර්ථා සැකසීම වැනි කටයුතු ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. මේවගේ පුළුල් පරාසයක පැතිරුණ ඔබට හැකියාව හා දැනුම ඇති සේවා සැපයීම් තොරගන්න පුළුවන්.

මේ වගේ සේවාවන් සපයන වෙබ් අඩවි අතරින් Fiverr (www.fiverr.com), Odex ( www.upwork.com) වැනි වෙබ් සේවාවන් ඉතාම ජනප්‍රියයි. ඒකට හේතුවෙලා තියෙන්නෙ මේවා හරහා සිදුවෙන ගණුදෙනු ආරක්ෂිත වීම.අපේ රටේ බහුතරයක් මේ සේවාවන් භාවිතා කරනවා දකින්න පුළුවන් . මේ අතරින් fiverr වෙබ් සේවාව ආධුනික කෙනෙකුට ඉතාම පහසුවෙන් මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න පුළුවන් සේවාවක්. 
මේ වගේ වෙබ් සේවාවක් හරහා කටයුතු කරන්න කැමති කෙනෙකුට කරන්න තියෙන්නෙ මේ වෙබ් අඩවියකට ගිහින් ගිණුමක් විවෘත කරගන්න එක. ඒක හරියට විද්‍යුත් තැපැල් ලිපිනයක් (E mail) ලිපිනයක් සකසනවා වගේම පහසු ක්‍රියාවක්. එහෙම ගිණුමක් සකස්කරගෙන ඔබේ හැකියාවන් හා දක්ෂතාවයන් එම ගිණුමට ඇතුලත් කරලා ඊට සාක්ෂි විදියට ඔබ කලින් කරපු දේවල් එයට එක් කරන්න ඕන. පසුව මේ වෙබ් අඩවිය හරහා සේවා අයදුම් කරලා තියෙන අයගෙන් සේවාවන් ඉල්ලීම් කරලා ලබා ගන්න වෙනවා. කාලයක් එහෙම සේවය සපයනවිට ඔබට ලැබෙන ප්‍රතිචාර අනුව සේවාදායකින් ඔබ වෙතින්ම සේවා ලබා ගැනීමට හුරු වෙනවා. එවිට ඔබටම ස්ථිර සේවා දායකයින් පිරිසක් සකස් කරගන්න පුළුවන්. මේ වෙබ් අඩවි හරහා ඔබ උපයා ගන්නා මුදල් ඔබේ බැංකු ගිනුම් වලට හුවමරු කර ගැනීම හෝ හර පත් (debit card) මගින් ලබා ගන්න පුළුවන්.

මම කිව්වෙ මේ පිලිබඳව සරල කෙටි විස්තරයක් පමණයි. අදාල වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඒ පිලිබඳව සියළු විස්තර ලබා ගන්න පුළුවන්. මේ වෙබ් අඩවි මගින් ගණුදෙනු කරන අයව වර්ගීකරනය කිරීමකුත් සිදුවෙනවා. ඒ නිසා මේ වෙබ් අඩවි සමග නිසි ආකාරයට වගකීම් පැහැර හැරීමෙන් තොරව ගණුදෙනු කරන විට ඔබට ඉහල අගයන් (Rank) ලැබෙනවා. මෙවිට විශාල වරප්‍රසාද ලබා ගන්නත් පුළුවන්. සමහර වෙබ් අඩවි මගින් ඔවුන් හරහා සේවය සපයන පුද්ගයන් උදෙසා විභාග පැවැත්වීමෙන් ඉහල වරප්‍රසාද ලබා ගැනීමේ අවස්ථා පවා ලබා දීලා තියෙනවා.

මෙහි තිබෙන විශේෂම වාසිය තමයි ඔබෙන් කිසිඳු මුදලක් වියදම් නොවීම. මේ වෙබ් අඩවි සඳහා ඔබ විසින් කිසිඳු මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නෙ නෑ.මුදල් ඉපැයීම වගේම මේ හරහා ලැබෙන අනෙක් විශාලම වරප්‍රසාදය තමයි ඔබට ලැබෙන පුහුණුව. මේ හරහා ඔබ ගණු දෙනු කරන්නෙ ඔබ ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව භාවිත කරන අය සමග. මේ සේවාවන් ලබාගන්නෙ විදේශිකයො නිසා ඉහල ජාත්‍යාන්තර ප්‍රමිතියකට වැඩ කරන්නත් හුරු වෙන්න පුළුවන්. මේ නිසා ඔබට ලැබෙන පුහුණුව මිල කරන්න බැරිවෙයි. 
අන්තර්ජාලයෙන් මුදල් කියලා මහා පරිමානයෙන් දැන්වීම් දාලා සිදුකරන පාඨමාලාවන් ඔබත් දැකලා ඇති.ඒ දැන්වීම් වල කියන තරම් පහසුවෙන් මුදල් සෙවීම කරන්න පුළුවන් කමක් නෑ. ඔබට කරන්න පුළුවන් ඔබේ හැකියාවෙන් ප්‍රයෝජනයට ගන්න එක විතරයි. ඒ නිසා ඒවගේ දැන්වීම් වලට රැවටිලා අතේ තියෙන මුදලත් නැති නොකරගෙන ඔබම අත්හදා බලන්න. දන්න දෙයින් ප්‍රයෝජනයකුත් අරං දෙමාපියක්ට බරක් නොවී තමන්ගෙ හැකියාවෙන් මුදලක් හොයාගෙන ඔබේ අනාගතය යහපත් කරගන්න ඔබටත් පුළුවන් වෙයි.

අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 8305196549191059557

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item