uvtsuorg

Buddhist Society of University of Vocational Technology

Logo - Buddhists Society of University of Vocational Technology
Logo - Buddhists Society of
University of Vocational Technology 
"लिघ्त फ़ोर् योउर्सेल्फ़् - තමාට තමා පහනක් වන්න" යන තේමා පාඨය පෙරදැරි කොටගෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය වර්ෂ 2014දී ආරම්භ කරන ලදි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ   අරමුණු වනුයේ,  

(අ) විශ්වවිද්‍යාලය තුල  සම්බුද්ධ ශාසනය නගාසිටුවීම හා බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අභිවෘද්ධිය සදහා සහය වීම.
(ආ) විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අධාපනික කටයුතු වලට පමණක් සිමා නොකොට ආගමික කටයුතු වලද යෙදවීම තුලින් වඩාත් ගුණාත්මක උපාධිධාරීන් පිරිසක් ක්ෂේත්‍රයට දායාද කිරීම.
(ඇ) බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දේශීය හා විදේශීය බෞද්ධ සංවිධාන අතර සම්බන්ධතා වැඩිදියුණු කිරිම.
(ඈ) බෞද්ධ ආගමික කටයුතු සංවිධානය කිරීම  හා සමාජ සත්කාරක වැඩ කටයුතු වල නිරත වීම.
(ඉ) සමාජයේ ආගමික සංහිදියාව ඇති කිරීම සදහා සහය වීම.

ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා බෞද්ධ සංගමය වාර්ශිකව වැඩසටහන් රාශියක් සංවිධානය කරනු ලබයි. දාන, ශීල, භාවනා හා සමාජ සත්කාර වැඩ සටහන් මේ අතර ප්‍රමුඛත්වයක් ගනියි.  වෘත්තීය තාක්ෂණ  විශ්වවිද්‍යාලයේ සෑම ශිෂ්‍ය ශිෂ්‍යයාවකටම මෙම සංගමයේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි විය හැක. 

තාක්ෂණික ක්ෂේත්‍ර වල අධාපනික කටයුතු හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආගමික කටයුතුවලට සම්බන්ධ කරවමින් ඒ හරහා  වෘත්තීය තාක්ෂණ  විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය  රටටත් සමාජයටත් වැඩදායී පුද්ගලයෙකු බිහි කිරීමේ කර්තව්‍ය ඉදිරියටත් සිදු කරගෙන යනු ලැබේ.
තෙරුවන් සරණයි!


Activities of Buddhist Society 

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
static_page