uvtsuorg

රැකියාවක් කරන ගමන් පරිගණක උපාධියක්.

 වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක්.

පරිගණක ක්ෂේත්‍රය නැතිනම් IT නමින් හඳුන්වන ක්ෂේත්‍රයෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ මොනවද කියන එක ගැන අපි කලින් කතාබහ කලා. එය කියවපු අය තමන්ට හදාරන්න පුළුවන් උපාධි පාඨමාලා පිලිබඳව විමසලා තිබුනා. බොහෝ දෙනෙක් විමසලා තිබුනෙ රැකියාවක නිරත වෙන අතරෙ හදාරන්න පුළුවන් උපාධි පාඨමාලාවන් පිලිබඳව.

එහෙම අයට තොරතුරු තාක්ෂණ/ පරිගණක උපාධියක් ලබා ගන්න පුළුවන් ආකාරයට සකස් කරපු බාහිර උපාධි පාඨමාලාවන් මෙන්ම අභ්‍යන්තර උපාධි පාඨමාලාවන් ගණනාවක්ම මෙරට විශ්වවිද්‍යාල මගිනුත් පවත්වාගෙන යනවා.

වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය / University of Vocational Technology


වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පුහුණු තාක්ෂණ පීඨය මගින්
  • ජාල තාක්ෂණවේදී / Bachelor of Technology in Network Technology
  • බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී / Bachelor of Technology in Multimedia & Web Technology
  • මෘදුකාංග තාක්ෂණවේදී / Bachelor of Technology in Software Technology

යන අර්ධ කාලීන (Part Time) උපාධි පාඨමාලාවන් තුනක් පවත්වාගෙන යනවා. මේ උපාධි පාඨමාලාවන් සඳහා දේශන පැවැත්වෙන්නෙ සෙනසුරාදා හා ඉරිදා දිනවල. මේ උපාධි පාඨමාලාවන් හදාරන සිසුන් දේශන සඳහා වීම අනිවාර්ය උනත් සති අන්තයෙ පාඨමාලාව පැවැත්වෙන නිසා රැකියාවක නිරතවෙන අතරතුර දේශන වලට සහභාගී වී අධ්‍යාපනය ලබන්න පුළුවන්.

මේ උපාධි පාඨමාලාවන් සඳහා ඇතුලත් වීමට අදාල ක්ෂේත්‍රයේ ජාතික වෘත්තිය සුදුසුකම් 5 මට්ටම (NVQ 5) හෝ ඒ හා සමාන සුදුසුකම් ලබා තිබීම අවශ්‍යයයි. මේ උපාධි පාඨමාලාවන් පිලිබඳ වැඩිදුර තොරතුරු http://www.univotec.ac.lk/ වෙබ් අඩවියෙන් හෝ 0112630700 දුරකතන අංකය හෝ http://www.uvtsu.org/p/university.html (මෙම වෙබ් අඩවිය මගින්)  මගින් ලබා ගන්න පුළුවන්.

කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක පාසල /University of Colombo School of Computing – UCSC

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධි පාඨමාලා පවත්වන කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක පාසල මගින් තොරතුරු තාක්ෂණවේදී උපාධිය / Bachelor of Information Technology (BIT) බාහිර උපාධි පාඨමාලාව පවත්වාගෙන යනවා. මේ බාහිර උපාධි පාඨමාලාවට උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් උසස්පෙල සාර්ථක කරගන්න බැරි වුන අයට මේ ආයතනය මගින්ම පිරිනමන පදනම් පාඨමාලව (FIT -Foundation In Information Technology ) හදාරා මේ උපාධියට ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් විශ්වවිද්‍යාලය මගින් පිලිගන්නා වෙනත් සුදුසුකම් මගිනුත් මේ උපාධි පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව තියෙනවා. 

තුන් අවුරුදු උපාධි පාඨමාලාවක් වන මේ උපාධි පාඨමාලාවෙ පළමු වසර සාර්ථකව නිමකිරීමෙන් ඩිප්ලෝමාවත් (Diploma in Information Technology - DIT) දෙවන වසර සාර්ථකව නිමකිරීමෙන් (Higher Diploma in Information Technology - HDIT) උසස් ඩිප්ලෝමාවත් වසර තුනම සාර්තකව නිමකිරීමෙන් BIT උපාධියත් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා.
මේ උපාධි පාඨමාලාව පිලිබඳ වැඩිදුර තොරතුරු http://www.bit.lk/ වෙබ් අඩවියෙන් හෝ 0114720511 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්.

මොරටුව විශ්වවිද්‍යාලය / University of Moratuwa

මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන තොරතුරු තාක්ෂණවේදී උපාධිය / Bachelor of Information Technology (BIT) උපාධි පාඨමාලාවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල බාහිර උපාධි පාඨමාලාවක්. තුන් අවුරුදු පාඨමාලාවක් වන මේ පාඨමාලාව සඳහා උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ඇතුළු වෙන්න පුළුවන්. එහෙම නැති අයට විශ්වවිද්‍යාලය මගින් පිලිගන්නා උසස්පෙළට සමාන වෙනත් අධ්‍යාපන සුදුසුකම් හෝ විශ්වවිද්‍යාලය මගින් පිලිගන්නා වෘත්තිය සුදුසුකම් මගිනුත් මේ උපාධි පාඨමාලාවට ඇතුළු විය හැකියි.

මේ පාඨමාලාව පිලිබඳ වැඩිදුර විස්තර http://www.itfac.mrt.ac.lk/ හෝ http://www.codl.lk/ යන වෙබ් අඩවි මගින් ලබා ගන්න පුළුවන් නැතිනම් 0113082787 / 8 දුරකතන අංක මගින් ලබා ගන්න පුළුවන්.

විවෘත විශ්වවිද්‍යාලය / Open University

විවෘත විශ්වවිද්‍යාලය මගින් පරිගණක ක්ෂේත්‍රයට අදාල උපාධි පාඨමාලාවන් කිහිපයක්ම පවත්වාගෙන යනවා. මේ පාඨමාලා වල තියෙන විශේෂත්වය වෙන්නෙ මේ උපාධි පාඨමාලා අභ්‍යන්තර උපාධි උපාධි පාඨමාලා. බාහිර උපාධි පාඨමාලාවන් නොවෙයි.

මේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින්
• Bachelor of Technology - Computer Engineering
• Bachelor of Software Engineering 

යන පරිගණක ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ උපාධි පාඨමාලාවන් පවත්වාගෙන යනවා. මේ සිව් අවුරුදු උපාධි පාඨමාලාවන් සඳහා ඇතුලත් වීමට අදාල විෂයන්ගෙන් උසස්පෙල සමත් වෙලා තියෙන්න ඕන. එහෙම නැති නම් විශ්වවිද්‍යාලය මගින් අනුමත වෙනත් සුදුසුකම් මගිනුත් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා.

මේ විශ්වවිද්‍යාලයේ ස්වාභාවික විද්‍යා පීඨය මගින් පවත්වන විද්‍යාවේදී (Bachelor of Science) උපාධි පාඨමාලාව සඳහා තවත් විෂයන් දෙකක් සමග පරිගණක විද්‍යාව විෂයක් විදියට හදාරන්නත් පුළුවන් (Join - Major Degree). ඒ සඳහා විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ සමත්වීම අවශයයි. නැතිනම් විශ්වවිද්‍යාලයේ පදනම් පාඨමාලාව සමත් වීමෙන් මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. නමුත් මෙහිදි ලැබෙන්නෙ සෘජු පරිගණක උපාධියක් නොවෙයි. පරිගනක විද්‍යාව උපාධියෙ එක් විෂයක් පමණයි.

මේ උපාධි පාඨමාලා වල තියෙන විශේෂත්වයක් වෙන්නෙ විශ්වවිද්‍යාලයේ දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට වලට සහභාගී වීමට සිසුන්ට අවස්ථාව ලැබීම. මේ උපාධි පාඨමාලා පිලිබඳ වැඩිදුර තොරතුරු http://www.ou.ac.lk/ වෙබ් අඩවියෙන් හෝ හෝ 0112 881000 දුරකතන අංකය මගින් ලබා ගන්න පුළුවන්.

මේ පාඨමාලාවන් ඉතා අඩු පිරිවැයකින් පිලිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න පුළුවන් පාඨමාලා. අපි සඳහන් කරපු වෙබ් අඩවි මගින් ඒ ඒ උපාධි පාඨාලා ගැන සම්පූර්ණ විස්තර සහ ශිෂ්‍ය අත්පොත් ලබා ගන්න පුළුවන්. ඒවා පරිශීලනය කිරීමෙන් උපාධි පාඨමාලාවන් හා ඒවායේ අන්තර්ගතය පිලිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගත හැකියි. රැකියාවක් නොකලත් මෙි උපාධි පාඨමාලාවන් හදාරලා ඉහල මට්ටමේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වුන තරුණ තරුණියන්ටත් මෙය හොඳ අවස්ථාවක්.

උසස්පෙලින් පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වෙන බොහොමයක් තමන්ට ඇති සුදුසුකම් අනුව වෘත්තිය පාඨමාලාවක් හැදෑරීමෙන් හෝ නැති නම් කෙලින්ම රැකියාවකට යොමුවීම හෝ සිදු කරනවා . මෙහෙම අයට උපාධියක් ලබා ගැනීමෙන් පසුව තමන් නිරත වෙන රැකියාවෙම පහසුවෙන් ඉහලට යන්න නැතිනම් ඉහල මට්ටමේ නව රැකියාවකට පහසුවෙන් යොමු වෙන්න පුළුවන්. මේ අයට වෘත්තිය පලපුරුද්ද තියෙන නිසා උපාධියක් තියෙනවා නම් තමන්ගෙ ආයතනයට බඳවා ගන්නත් රැකියා ආයතන කැමතියි. අනෙක් කාරණය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙ ඉදිරියට යන්න නම් උපාධියක් අත්‍යාවශ්‍යයයි. මේ නිසා රැකියාවෙ ඉහලට ගිහින් හොඳ අනාගතයක් ගොඩ නගාගන්න මේ සටහන ඔබට අත් වැලක් වේවි.

-අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 1220937046732856792

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item