uvtsuorg

සරසවි යන්න මේ පාරෙන් එන්න

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක්.

සාමාන්‍යයෙන් අපේ රටේ තරුණයකුට තරුණියකට විශ්වවිද්‍යල ප්‍රවේශය ලබා ගන්න තිබුණු එකම ක්‍රමය උනේ උසස්පෙල ඉහලින් සමත්වීමෙන් විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම. නමුත් ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය හඳුන්වා දීමත් සමග ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතියේ ජාතික වෘත්තීය සුදුසුකම් 5 මට්ටම හෝ NVQ 5 ට සමාන ලෙස විශ්වවිද්‍යාලය මගින් සලකන වෙනත් සුදුසුකම් සම්පූර්ණ කරන තරුණ තරුණියන්ට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙසම ඇතුලත් වෙලා උපාධියක් ලබා ගන්න දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.

2008 අංක 31 දරන පාර්ලිමේන්තු පනතතින් 2009 වසරේ ස්ථාපනය කරනලද රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මෙරට පිහිටි එකම තාක්ෂණ විශ්වවිද්‍යාලය. රත්මලාන කඳවල පාරේ විශ්වවිද්‍යාලයකට උචිත සොඳුරු නිස්කලංක පරිසරයක පිහිටා ඇති මේ විශ්වවිද්‍යාලයත් අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් . වර්තමානය වෙන විට මේ විශ්වවිද්‍යාලය පීඨ දෙකකින් සමන්විතයි. මේ පීඨ දෙක මගින්ම නව විද්‍යාත්මක හා තාක්ෂණ දැනුම ලබා ගත හැකි තාක්ෂණවේදී (Bachelor of Technology )උපාධි පාඨමාලාවන් රැසක්ම පවත්වා ගෙන යනවා.

උපාධි පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්


  • අදාල තාක්ෂණික ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වෙනි මට්ටම (NVQ 5).  HNDE, NDT, NDES, NDET, NDICT හෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සභාව මගින් පිලිගන්නා අදාල තාක්ෂණික ක්ෂේත්‍රයේ සුදුසුකම්. 
  • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව (TVEC) මගින් මේ ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය (NVQ) 5 හෝ 6 මට්ටමට සමාන යයි පිලිගනු ලබන වෙනත් සුදුසුකම්.


පුහුණු තාක්ෂණ පීඨය (Faculty of Training Technology - FTT)


  • Bachelor of Technology in Network Technology (ජාල තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology, විදුලි සංදේශ Telecommunication. 
  • Bachelor of Technology in Multimedia & Web Technology (බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී උපාධිය)
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology, වීඩියෝ සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂනය Video & Television Production Technology. 
  • Bachelor of Technology in Software Technology (මෘදුකාංග තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Information & Communication Technology 
  •  Bachelor of Education in Technology (අධ්‍යාපන තාක්ෂණවේදී උපාධිය)
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - පිලිගත් තාක්ෂණික ක්ෂේත්‍ර
  •  Bachelor of Education in English Language Teaching (අධ්‍යාපනවේදී උපාධිය ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම ) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - විද්‍යාපීඨ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමේ ඩිප්ලෝමාව National Diploma in Teaching (English) , Higher national Diploma in English offered by SLATE. 
  •  Bachelor of Technology in Industrial Management Technology (කර්මාන්ත කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක්


කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය (Faculty of Industrial and Vocational Technology - FIVT)


  • Bachelor of Technology in Building Services Technology (ගොඩනැගිලි සේවා තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඉදිකිරීම් Construction, සිවිල් Civil, යාන්ත්‍රික Mechanical, ශීතකරණ හා වායු සමීකරණ Refrigeration & Air Conditioning, විද්‍යුත් Electrical, ප්‍රමාණ සමීක්ෂණය Quantity Surveying. 
  • Bachelor of Technology in Manufacturing Technology (නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - නිෂ්පාදන Production,මෙකාට්‍රොනික් Mechatronics, ශීතකරණ හා වායු සමීකරණ Refrigeration & Air Conditioning, යාන්ත්‍රික Mechanical, මෝටර් රථ තාක්ෂණය Automobile, පෑස්සුම්, Welding, කෘෂි යන්ත්‍රෝපකරණ Farm Machinery. 
  • Bachelor of Technology in Mechatronics Technology (මෙකාට්‍රොනික් තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - මෙකාට්‍රොනික් Mechatronics, විද්‍යුත් Electrical, ඉලෙක්ට්‍රොනික් Electronics, නිෂ්පාදන Production, මෝටර් රථ තාක්ෂණය Automobile,ජෛව වෛද්‍ය Bio-Medical. 
  • Bachelor of Technology in Food Process Technology (ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ආහාර Food, කෘෂිකර්ම Agriculture, සූපවේදය Culinary Arts, පශු සම්පත් හා කිරි නිෂ්පාදන Livestock & Dairy Products. 
  • Bachelor of Technology in Film and Television Production Technology (සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය Film and Television Production and Technology. 
  • Bachelor of Technology in Quantity Surveying (ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ප්‍රමාණ සමීක්ෂණය Quantity Surveying 
  • Bachelor of Technology in Construction Technology and Resource Management ( ඉදිකිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය) 
    • අදාල තාක්ෂණික ක්ෂේත්‍ර - ඉදිකිරීම් තාක්ෂණය Construction Technology 


මේ සුදුසුකම් හා තාක්ෂණික ක්ෂේත්‍ර පිලිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාලයෙන් ලබා ගත හැකිය. 

මෙහි පැවැත්වෙන සෑම උපාධි පාඨමාලාවක් සඳහාම අවශ්‍ය නවීන උපකරන වලින් සමන්විත පරිගණක විද්‍යාගාර , විද්‍යාගාර,පර්යේෂණාගාර සහ පුස්තකාල වැනි සියළු පහසුකම් වලින් මෙම විශ්වවිද්‍යාලය සමන්විතයි. එමෙන්ම සිසුන් සඳහා නේවාසිකාර පහසුකම්, වෛද්‍ය පහසුකම්, අන්තර්ජාල පහසුකම් ශ්‍රවණාගාර පහසුකම් ක්‍රීඩා සහ විනෝදායන පහසුකම් උපදේශණ සේවා වැනි පහසුකම්ද සිසුන් හට ලබාගන්න පුළුවන්. මෙම විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න සිසුන්ටත් අනෙක් විශ්වවිද්‍යාලවල සිසුන්ට හිමි බොහෝ පහසුකම් හා වරප්‍රසාද හිමියි . අනෙකුත් විශ්වවිද්‍යාල වගේම පුර්ණ කාලීන උපාධිපාඨමාලා පැවැත්වෙන්නෙ පාඨමාලා ගාස්තු අයකිරීමකින් තොරව. අනෙක් විශ්වවිද්‍යාල වගේම ක්‍රීඩා උළෙල, කළා උලෙල, ශිෂ්‍ය සංගම් ආදි සියළු ශිෂ්‍ය ක්‍රියා කාරකම් මේ විශ්වවිද්‍යාලය තුලත් තියෙනවා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ජීවිතය කියන්නෙ තරුණයකුට තරුණියකට ජීවිතේ හදාගන්න ජීවිතේ විඳින්න ලැබෙන හොඳම අවස්ථාවක්. මේ විශ්වවිද්‍යාලය තුලත් ඒ සරසවි ජීවිතයේ සොඳුරු බව විඳින්න අවශ්‍ය පරිසරය හා හැකියාව තියෙනවා. බොහෝවිට උපාධිධාරීන්ට සිදුවෙන්නෙ රැකියා පෝලිමට එකතු වෙන්න. නමුත් මෙහි තියෙන සුවිශේෂි ලක්ෂණය වෙන්නෙ අදාල ක්ෂේත්‍ර වල දේශිය සහ ගෝලීය රැකියා වෙලඳපළ ඉලක්ක කරගනිමින් නව තාක්ෂණික ලෝකයට ගැලපෙන ආකාරයට උපාධි පාඨමාලා නිර්මාණය කර ඇති නිසා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ඉහල වැටුපක් හා ඉහල පහසුකම් සහිත රැකියාවකට යොමු වීමට අවස්ථාව ලැබීම.

මෙම විශ්වවිද්‍යාලයද සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය ඕන කෙනෙකුට 0112630701 දුරකතන අංකය මගින් ශිෂ්‍ය සේවා කේන්ද්‍රය ඇමතීමෙන් තොරතුරු දැනගන්න පුළුවන්. එහෙම නැතිනම් www.univotec.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ මෙම වෙබ් අඩවියෙන් තොරතුරු දැන ගත පුළුවන්. බාහිර උපාධි පාඨමාලාවක් හදාරනවට වඩා අභ්‍යන්තර ශිෂ්‍යයක් විදියට විශ්වවිද්‍යාල ජීවිතය විඳින ගමන් අධ්‍යාපනය ලබන එක තරුණ ජීවිතයට හොඳ ජවයක් අත් දැකීමක් එකතු කරනවා. ඒක මුළු ජීවිතේම ගොඩ දාගන්න ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. ඒ නිසා අපිට කියන්න තියෙන්නෙ සම්ප්‍රදායික විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න අවස්ථාව මග හැරුණු තරුණ ඔබ මේ අවස්ථාව නම් මග හැර ගන්න එපා කියන එක.

-අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 1172910759960724197

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item