uvtsuorg

පරිගණක ක්ෂේත්‍රය තෝර ගන්න කලින් මේ ගැනත් හිතන්න.

Computer Course
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂයෙකු වන අසිරු වේදිත කරුණාරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක්.

අද දවස වනවිට පරිගණක/තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට තියෙන්නෙ ඉහලම ඉල්ලුමක්. ඒකට හේතුවෙලා තියෙන්නෙ අපට එදිනෙදා ජීවිතයට අවශ්‍ය හැමදෙයකටම පරිගණක තාක්ෂණය භාවිතයට පැමිණීම. තොරතුරු තාක්ෂණ හා පරිගණක සේවාවන්හි දියුණුව නිසා මේ ක්ෂෙත්‍රයට යොමුවෙන තරුණ තරුණියන්ට දිගු ගමනක් යාමට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අනෙකුත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව මේ ක්ෂේත්‍රය සීග්‍ර දියුණුවක් ලබන නිසාම බොහෝදෙනෙක් නිසි අවබෝධයකින් තොරව මේ ක්ෂේත්‍රයට යොමු වෙනවා දකින්න පුළුවන්. අපේ රටේ වැඩිම පාඨමාලා හා අධ්‍යාපන අවස්ථා තියෙන්නෙත් මේ පරිගණක ක්ෂේත්‍රයට. 
මේ ක්ෂේත්‍රය අනෙකුත් සෑම ක්ෂේත්‍රයකටම අදාල විශාල ලෙස පැතිරුණු ක්ෂේත්‍රයක් නිසා විශාල වශයෙන් අවස්ථාවන් තිබුනත් නිවැරදි මග තෝරගන්න බැරි උනොත් ඔබට ඵලදායි ගමනක් යන්න බැරි වෙයි. පරිගණක/ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය හොඳ රැකියාවක් ලබා ගන්න තියෙන මූලිකම සුදුසු කම උපාධියක් තිබීම. වර්තමානයෙ උපාධියක් නැති කෙනෙකුට මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්නත් අපහසුයි. මේ නිසා ඔබත් පරිගණක/ තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රෙයන් ඉදිරියට යන්න හිතාගෙන ඉන්නවා නම් මේ ක්ෂේත්‍රය පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන තමන් යන්න බලා පොරොත්තුවෙන ක්ෂේත්‍රයෙ උපාධික් ලබා ගන්න එක ඉතාම වටිනවා. 
අපේ රටේ බොහොමයක් අය හිතාගෙන ඉන්නෙ තොරතුරු තාක්ෂණය සහ (Information Technology- IT ) සහ පරිගණක විද්‍යාව (Computer Science – CS ) හදාරනවා කියන්නෙ එකම දෙයක් විදියට. පරිගණක විද්‍යා උපාධිය හා තොරතුරු තාක්ෂණ උපාධිය කියන්නෙ එකක් කියලයි බොහෝ අය හිතන්නෙ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ දෙකම Computing කියන ක්ෂේත්‍රය තුල තියෙන විෂයන් දෙකක්. පරිගණක විද්‍යාව තොරතුරු තාක්ෂණයට වඩා සංකීර්ණ පුළුල් විෂය පථයක්. පරිගණක විද්‍යා උපාධියක් (CS) හදාරන්න බලා පොරොත්තු වෙන කෙනෙක්ට ඉහල විශ්ලේෂණ හැකියාවන් අවශ්‍ය වෙනවා. මේ නිසා මේ වගේ පාඨමාලාවන් වඩාත්ම ගැලපෙන්නෙ උසස් පෙළ ගණිත හෝ භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරපු අයට හෝ ඒ විෂයන් පිලිබඳ හොඳ දැනුමක් තියෙන අයට. නමුත් තොරතුරු තාක්ෂණය (IT) හැදෑරීම උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් හදාරපු කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ මට්ටමේ දැනුමක් තියෙන අයට හදාරන්න පුළුවන්.

අපි මෙහෙම කිව්වෙ සමාජය තුල මේ පිලිබඳව විශේෂයෙන් නිවැරදි වැටහීමක් නැතිව කතාබහ වෙන නිසා. නමුත් පරිගණක (Computing) ආශ්‍රිත ප්‍රධාන උපාධි වර්ග කිහිපයක් හඳුන ගන්න පුළුවන්. 

1. Computer Science - පරිගණක විද්‍යාව (CS)
2. Computer Engineering - පරිගණක ඉංජිනේරු විද්‍යාව (CE)
3. Information Systems තොරතුරු පද්ධති (IS)
4. Information Technology තොරතුරු තාක්ෂණය (IT)
5. Software Engineering මෘදුකාංග ඉංජිනේරුකරණය (SE)

මෙහෙම වර්ගීකරනයක් සිදුකරලා තියෙන්නෙ IEEE ලෙස හැඳන්වෙන Institute of Electrical and Electronics Engineers හි ACM ( Association for Computing Machinery) ආයතනය මගින්. මේ ආයතනය පරිගණක ක්ෂේත්‍රයෙ වෘත්තිකයන්ගෙ එකමුතුවක් (Professional Body). මේ මගින් සිදු කරන්නෙ පරිගණක ක්ෂේත්‍රයට අදාලව ජාත්‍යාන්තරව පිලිගත් ප්‍රමිති නිර්මාණය කරන එක. අපේ රටේ බොහෝ විශ්වවිද්‍යාල අනුගමනය කරන්නෙත් මේ ආයතනයේ සම්මත.

මේ උපාධි වර්ග වල වල තියෙන්නෙ එකිනෙකට වෙනස් අන්තර්ගතයන් සහ අරමුණු. ඒවා සැලකිල්ලට අරගෙන තමයි මේ විධියට වර්ග කරලා තියෙන්නෙ. මේ කියන උපාධි පාඨමාලා වර්ග වලට අයත් විවිධ උපාධි පාඨමාලා අපේ රටේ විශ්වවිද්‍යාල වල පැවැත්වෙනවා. ඒවා සකස් කරලා තියෙන්නෙ විවිධ ආකාර වලින් හදාරන්න පුළුවන් ආකාරයට. එවැනි ප්‍රධාන ආකාර තුනක් දකින්න පුළුවන්.

පරිගණක උපාධි පාඨමාලා 

මේ පාඨමාලා සම්පූර්ණයෙන්ම අදාල විෂය ක්ෂේත්‍රය පමණක් ආවරණය කරන පාඨමාලාවන්. මේ මගින් සෘජුවම පරිගණක වෘත්තියවේදීන් බිහිකිරිමක් සිදු වෙනවා. මේ පාඨමාලා සකස් කරලා තියෙන්නෙ වෘත්තියවේදියට තමන්ගෙ රැකියාව කරගෙන යන්න අවශ්‍ය විෂය ඒකක වලින්. උදාහරණ විදියට පරිගණක ඉංජිනේරු උපාධිය, තොරතුරු තාක්ෂණවේදි උපාධිය, ජාල තාක්ෂණවේදී උපාධිය වැනි උපාධි පාඨමාලා දක්වන්න පුළුවන්. පරිගණක ක්ෂේත්‍රය තුල ඉහලම රැකියා අවස්ථා හිමි වෙලා තියෙන්නෙ මේ වර්ගයේ උපාධි ලබාගන්න අයට.

පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස කැමති නම් තෝරා ගත හැකි උපාධි පාඨමාලා 

මෙහිදි භෞතික විද්‍යාව,ගණිතය, සංඛ්‍යානය , ජීව විද්‍යාව, රසායන විද්‍යාව වැනි වෙනත් විෂයන් සමග පරිගණක විද්‍යාවද විෂයක් ලෙස හදාරන්න පුළුවන්. මේ වර්ගයේ උපාධි ලබා ගත්ත අයට පරිගණක විද්‍යා, තොරතුරු තාක්ෂණ උපාධියක් අවශ්‍ය වෙන රැකියා වලට අයදුම් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ අය හදාරලා තියෙන අනෙක් විෂයන් වලට අදාල ක්ෂේත්‍රවල පරිගණක ආශ්‍රිත රැකියා වලට මේ උපාධි වැදගත් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට විද්‍යාවේදී උපාධියෙ එක් විෂයක් විදියට පරිගණක විද්‍යාව හැදැරීම දක්වන්න පුළුවන්. බොහෝ විශ්වවිද්‍යාල වල විද්‍යාපීඨයන් තුල මේ වර්ගයේ උපාධි පාඨමාලා පැවැත් වෙනවා.

වෙනත් ප්‍රධාන විෂයයක් සමග සමගාමීව පරිගණක විද්‍යාව හැදෑරීමට හැකි උපාධි පාඨමාලා 

මෙහිදි සිදු වෙන්නෙ තවත් විෂය ක්ෂේත්‍රයක කොටසක් විදියට පරිගණක විද්‍යාව / තොරතුරු කාත්ෂණය ඉගෙන ගන්න අවස්ථාව ලැබීම. උදාහණයක් විදියට කලමණාකරන විෂයන් සමග ඒකාබද්ධව පිරිනැමෙන උපාධි පාඨමාලාවන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ පාඨමාලාත් සෘජුවම වෘත්තියන් ඉලක්ක කරගෙන සකස් කල (Industry/Job Oriented) පාඨමාලා නිසා විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් වගේම මේ උපාධිධාරීන්ට ඉහල ඉල්ලුමකුත් තියෙනවා. 

මේ විවිධ වර්ගයේ පරිගණක උපාධි පාඨමාලාවන් පිලිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල වල වෙබ් අඩවි වලින් හා උපාධිපාඨමාලා අත්පොත් වලින් ලබා ගන්න පුළුවන්. අපි සිදු කලේ පරිගණක නැත්නම් IT කියලා පොදුවෙ හඳුන්වන මහා සාගරයක් වගේ ක්ෂේත්‍රයක් පිලිබඳ පුංචි හැඳින් වීමක්. මේ ක්ෂේත්‍රය පිලිබඳව හා අළුතෙන් මේ ක්ෂේත්‍රය තුල ඇතිවන ප්‍රවනතා පිලිබඳව අපිට ඉදිරියෙදි කතා කරන්න පුළුවන්.විශේෂයෙන් අධ්‍යාපනික ක්ෂේත්‍රය වගේම රැකියාව කරගෙන යද්දි අවශ්‍ය වන කරුණු පිලිබඳ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ගෙ අදහස් එක්ක ඔබත් එක්ක බෙදා ගන්න අපි බලා පොරොත්තු වෙනවා. එක කරුණක් තියෙනවා ඔබ තදින්ම මතක තියා ගන්න ඕන. පරිගණක ක්ෂේත්‍රය දවස ගානේ වේගයෙන් වෙනස්වෙන ක්ෂේත්‍රයක්. ඒ නිසා මේ ක්ෂේත්‍රය ඔබ තෝරගන්නවා නම් හැමදාම අළුත් දෙයක් ඉගෙන ගන්න වෙනවා. ඔබ එහෙම සුදානම් නම් මේ ක්ෂේත්‍රය තුල ඔබට දිගු ගමනක් යන්න පුළුවන්.

අසිරු වේදිත කරුණාරත්න

Related

Articles 8992279818709513398

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item